LyricFind Logo
LyricFind Logo
Profile image icon
Lyrics
රෝස කුමරුනේ පිට පාරේ
ඔබ මා තනිකර යන තාලේ
ඔබට නොකියනා දුක් කරදර මට
තියෙනව යහමින් මගෙ පාරේ
රෝස කුමරියේ මගෙ හීනේ
ඔබ තනිකර මා යන දීගේ
සැමට නොකියනා ආදරයක් මට
ලැබුනේ ඔබගෙන් පෙර කාලේ

දුවෙකු උනොත් නම අමා කියා
පුතෙකු උනොත් ඔබෙ නමම තියා
කවදාහරි පෙන්වන්න සිතා
ඔබෙ රුව සිතුවම් කරනෙමි මා

රැයට දහවලක මෙන් ඇහැරී
ඇසෙන දුක් ගීත රසවිදිමී
හඩා පලක් නැති බව වැටහී
අනේ කමක් නැහැ මං තනිවී

රෝස කුමරුනේ පිට පාරේ
ඔබ මා තනිකර යන තාලේ
ඔබට නොකියනා දුක් කරදර මට
තියෙනව යහමින් මගෙ පාරේ
රෝස කුමරියේ මගෙ හීනේ
ඔබ තනිකර මා යන දීගේ
සැමට නොකියනා ආදරයක් මට
ලැබුනේ ඔබගෙන් පෙර කාලේ

WRITERS

WEERASINGHE PATHIRAGE RUWANPRIYA

PUBLISHERS

Lyrics © Vydia, Inc., Songtrust Ave

Share icon and text

Share


See A Problem With Something?

Lyrics

Other